නේටෝ සංවිධානය යුක්‍රේනයට තවත් ආයුධ ලබා දීමට පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් දරුණු ලෙස හානියට පත් වූ යුක්‍රේන ප්‍රදේශවලට බලශක්ති පහසුකම් ස්ථාපනය කිරීමට ද කටයුතු කරන බවයි.
රුසියානු ප්‍රහාර හමුවේ, මිලියන සංඛ්‍යාත වූ යුක්‍රේන වැසියන්ට විදුලිය හා ජලය නොමැතිව ශීත සෘතුව ආරම්භ කිරීමට සිදු වී ඇති බැවින් මෙම තීරණ ගෙන ඇති බව නේටෝ සංවිධානය පෙන්වා දෙයි.