25.7 C
Colombo

පාස්කු නඩුවෙන් රිෂාඩ් බදියුදීන් නිදහස් කෙරේ

Published:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කර තිබෙනවා.

එම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා අත්ඩංගුවට ගත් අතර පසුව ඇපමත මුදා හැරුණා.

Related articles

Recent articles