2022 ලෝක කුසලානයේ උරුගුවේ සමග පැවති තරගයෙන් පෘතුගාලය ජය ගත්තේය.
තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය.
දෙවැනි අර්ධයේ 9 වැනි මිනිත්තුවේදී පෘතුගාල ක්‍රීඩක බෲනෝ ෆර්නැන්ඩස් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.
එම අර්ධයේ දී උරුගුවේ කණ්ඩායමට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.
ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ පෘතුගාලය වෙනුවෙන් සිය දෙවන ගෝලය වාර්තා කිරීමට බෲනෝ ෆර්නෑන්ඩස් සමත් විය.
තරගය නිමා වූයේ පෘතුගාලය ගෝල 2ට 0ක් ලෙස ජයගනිමිනි.
ඒ අනුව පෘතුගාලය සුපිරි 16 තරග වටයට සුදුසුකම් ලැබීය.