30 C
Colombo

බැසිල්ට VIP පහසුකම් ලබාදීම ගැන පාර්ලිමේන්තුවේ අවධානයට

Published:

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ සැලකිලි ලබාදීම සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් ප්‍රශ්න කළා.

ඒ අනුව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සඳහන් කළේ, තවදුරටත් රජයේ ප්‍රමුඛ තනතුරක් නොදරන පුද්ගලයෙකුට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ සැලකිලි ලබාදීම සම්බන්ධයෙන් සභානායකවරයාගෙන් පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වන බවයි.

තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන බැසිල් රාජපක්ෂට ගුවන් තොටුපළෙන් පිටවන විට ප්‍රභූ විවේකාගාරයට සහ පොලිස් යතුරුපැදි ලබාදුන්නේ කුමන පදනමක් යටතේ දැයි මෙහිදී මඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ආණ්ඩුවෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළා.

එයට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමත් සමඟ විපක්ෂය වියරු වැටී ඇති බවයි.

Related articles

Recent articles