නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු රියදුරු බලපත්‍ර ලබා දීමට ප්‍රවාහන හා මහා මාර්ග රාජ්‍ය අමාත්‍යංශය සහ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කර තිබෙනවා.
මේ අනුව රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා පසුගියදා යොමු වූ අතර ඔවුන් සඳහා ලිඛිත පරීක්ෂණයක් ද පවත්වා තිබෙනවා.
එම ලිඛිත පරීක්ෂණය සඳහා 76 දෙනෙකු ඉදිරිපත් වූ අතර 44 දෙනෙකු සමත් වි ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් හට ප්‍රායෝගික පුහුණුව සඳහා තාවකාලික රියදුරු බලපත් ලබා දීම (LEARNER PERMIT) ගම්පහ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේ දී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රධානත්වයෙන් ඊයේ(16) දිනයේ දී සිදුවුණා.
එම පිරිසගේ මාස 03ක ප්‍රායෝගික පුහුණුවෙන් පසුව ස්ථිර රියදුරු බලපත් ලබා දීම සිදු කිරීමට නියමිතයි.
ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, දිවයින පුරා ශ්‍රවණාබාධිත පුද්ගලයින් 388000ක ප්‍රමාණයක් සිටින බවත්, එයින් 39000ක් ගම්පහ දිස්ත්‍රික්කය තුල සිටින බවත් වාර්තා වනවා.
රියදුරු බලපත් ලබා ගැනීම සඳහා දිවයින පුරා සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් 1000කට ආසන්න ප්‍රමාණයක් අයදුම් කර ඇති බවද සඳහන්.
විශේෂයෙන්ම තම පෞද්ගලික අවශ්‍යතාවයන් හා ස්වයං රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රවණාබාධිත පුද්ගලයින්ගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා දීර්ඝ කාලයක සිට රියදුරු බලපත් ලබා ගැනීමට අයදුම් කළ ද ඒ සඳහා යහපත් ප්‍රතිඵලයක් මෙතෙක් නොලද බවයි බිහිරි වූවන්ගේ ජාතික සම්මේලනය පවසා සිටියේ.