27.9 C
Colombo

බෝට්ටුවෙන් ලෙබනනය හරහා ඉතාලියට යවන ජාවාරමක්

Published:

ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයන් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට තොරතුරු ලැබී ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

අනාරක්‍ෂිත ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බවත් මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා කීය.

මෙවැනි ජාවාරම් කරන පුද්ගලයන් පිළිබදව තොරතුරු ඇතොත් විදේශ සේවා නියුක්කි කාර්යංශය දැනුවත් කරන ලෙස ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles