අනුරාධපුර, සමුහ ගොවිපල පුබුදුපුර ප්‍රදේශයේදී ඊයේ (16) කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 220 ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රැගෙන යන අවස්ථාවේ දී පොලීස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් කාන්තාවන් පිරිසක් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය පවසනවා.
එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා අනුරාධුපර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ ගල්වලින් පහර දී තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.