26.8 C
Colombo

මහ කන්නය සඳහා යූරියා අද සිට

Published:

මහ කන්නය සඳහා අවශ්‍ය සමස්ත යූරියා ප්‍රමාණයම අද (16) සිට ගොවීන්ට එකවර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මහ කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණි අතර අදාළ නෞකාවෙන් යූරියා මෙට්‍රික් ටොන් 22,000 ක් රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව හෙක්ටයාර එකක් සඳහා යූරියා කිලෝ 157 ක් ලබාදෙන බවත් එම ගොවීන් සඳහාම කාබනික පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 ක සහනයක් ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles