28 C
Colombo

මෙවර T20 අවසන් මහා තරඟයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

Published:

මෙවර T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ මාරයිස් ඉරැස්මස් කටයුතු කිරීමට නියමිතයි.

තරගයේ රූපවාහිනී විනිසුරුවරයා ලෙස ක්‍රිස් ගෆනි කටයුතු කරන අතර සිවුවැනි විනිසුරුවරයා ලෙස පෝල් රීෆල් කටයුතු කරනවා.

එසේම අවසන් මහා තරගය තරග තීරක ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

Recent articles