24 C
Colombo

රජිව් ඝාතනයෙන් නිදහස් වූ හතරක් යළි මෙරටට

Published:

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයට වැරදිකරුවන් ව නිදහස ලැබූ සයදෙනා අතර සිටින ශ්‍රී ලාංකිකයන් හතරදෙනා මෙරටට එවීමට කටයුතු කරන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කළ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

එම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා නිදහස් වීමෙන් පසුව ට්‍රිචි හි සරණාගත කඳවුරක් වෙත රැගෙන ගිය බව ට්‍රිචි හි දිසාපති ප්‍රවීන් කුමාර් මහතා ප්‍රකාශ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති බවත් දැනටමත් විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මොවුන්ගේ පුරවැසිභාවය පිළිබඳ තහවුරු කරගැනීම සඳහා විමසා ඇති බවත් ප්‍රවීන් කුමාර් මහතා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

මෙම පුද්ගලයන් හතරදෙනා පිළිබඳ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිළිතුර ලැබෙන තෙක් බලා සිටින බව කුමාර් මහතා ප්‍රකාශ කර ඇත.

Related articles

Recent articles