Home News රාජ්‍ය අමාත්‍යවරිය V8 රථයක් ඉල්ලූ බවට වන පුවත අසත්‍යක්

රාජ්‍ය අමාත්‍යවරිය V8 රථයක් ඉල්ලූ බවට වන පුවත අසත්‍යක්

රාජ්‍ය අමාත්‍යවරිය V8 රථයක් ඉල්ලූ බවට වන පුවත අසත්‍යක්

0

එදා කුඩේ ඉල්ලපු සීතා, මෙදා V8 එකක් ඉල්ලයි‘ යනුවෙන් ඊයේ (22) දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි සඳහන් වන්නේ එලෙස V8 වර් ගයේ ජීප් රථයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉල්ලීමක් කර නොමැති බවයි.

නමුත් මින් පෙර රාජ්‍ය අමාත්‍යවරුන් විසින් භාවිතා කළ V8 වර්ගයේ ජීප් රථ දෙකක් මේ වනවිට අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් විසින් භාවිතා කරන බවත්, ඉන් එක් රථයක් රාජ්‍ය අමාත්‍යතුමිය වෙත ලබාදීමට අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබුනද, රාජ්‍ය අමාත්‍යවරියවිසින් එලෙස ඉල්ලීමක් කර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අදාළ පුවතේ සඳහන් වන පරිදි BMW වර්ගයේ මෝටර් රථයක්ද අමාත්‍යවරිය වෙත ලබාදී නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ ලිපිය පහතින්,

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version