රාජ්‍ය සේවකයින්ට ළඟම ඇති සේවා ස්ථානයට ස්ථාන මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත.
පවතින ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
තමන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවයි අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ.