24 C
Colombo

රුපියල් මිලියන 120ක් වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Published:

නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු රවටා රුපියල් මිලියන 120ක් වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අවුරුදු 30, 34 වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය සිය පියාගේ නමින් රුපියල් කෝටි 100 ක් හා රන් භාණ්ඩ පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති බවත් ඒවා නීතිමය වශයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය බව පවසමින් නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගෙන් මෙලෙස මුදල් වංචා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

Related articles

Recent articles