Home News ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්

ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්

ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්

0

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ඇමරිකා එක්සත් ජනපදය – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභා වැඩසටහනේ 70 වැනි සංවත්සරය අමතමිනි.

ආහාර සපයා ගැනීමට අවශ්‍ය කරන සම්පත් නොමැති දූපත් රාජ්‍යයන්ට සහ මැදපෙරදිග රටවලට ආහාර සැපයීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු ආයෝජකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් සොයාගෙන කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, තේ පර්යේෂණ ආයතනය (TRI) සමඟ ඒකාබද්ධ කර ශ්‍රී ලංකාවේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමට ඇමරිකානු ආයතන කිහිපයක සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version