30 C
Colombo

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද පුපුරා යයි

Published:

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි Mauna Loa වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවත් ගිනිකන්දේ අනතුරු ඇඟවීමේ මට්ටම “උපදේශන” සිට “අනතුරු ඇඟවීමක්” දක්වා ඉහළ දමා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය සඳහන් කරන්නේ.

මෙම ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිඳී පවතින බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles