26 C
Colombo

ලෝක ජනගහනය බිලියන 8 ට ළඟා වෙයි

Published:

මානව සංහතියේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස ලෝක ජනගහනය අද (15) දිනයේ බිලියන 8 ට ළඟාවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මෙම සන්ධිස්ථානය පෘථිවිය සඳහා මානව වර්ගයාගේ හවුල් වගකීම සලකා බලන අතරම විවිධත්වය සහ දියුණුව සැමරීමේ අවස්ථාවක් බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කළේ.

මහජන සෞඛ්‍යය, පෝෂණය, පුද්ගල සනීපාරක්ෂාව සහ වෛද්‍ය විද්‍යාව වැඩිදියුණු කිරීම හේතුවෙන් මිනිස් ආයු කාලය ක්‍රමයෙන් වැඩි වීම මෙම වර්ධනයට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

ගෝලීය ජනගහනය බිලියන 7 සිට 8 දක්වා වර්ධනය වීමට වසර 12 ක් ගත වූ අතර, එය බිලියන 9 දක්වා ළඟා වීමට ආසන්න වශයෙන් වසර 15 ක් – 2037 දක්වා ගත වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Related articles

Recent articles