වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් අද (08) සිට ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
මේ දිනවල සත්ත්ව ආහාර මිල ද පහළ බැස ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
ඒ අනුව වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර වෙළඳපොලේ බිත්තර හිඟයක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ කුකුළු ව්‍යාපාරිකයන් රැසක් ගොවිපළ වසා දමා ඇති බවයි.
පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් කුකුළු ගොවිපළවල් 50%ක් පමණ වැසී ගොස් ඇති බවද ඔහු පැවසීය.