27 C
Colombo

විදේශ රැකියා ජාවාරම්වල නිරතවන තැරැවුකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට

Published:

විදේශ රැකියා ජාවාරම්වල නිරතවන තැරැවුකරුවන් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව විසිට් වීසා මත ඩූබායි හා ඕමාන් රාජ්‍ය වෙත ගොස් එම ස්ථානවලදී රැකියා සඳහා අලෙවි කරන හා නොයෙක් කටයුතුවල යෙදෙන තැරැවුකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා විශේෂ කමිටුවක් පිහිටුවා ලංකාව ඇතුළත සහ ගුවන් තොටුපොළ තුළ මේ සඳහා සම්බන්ධ සියලු පාර්ශවයන් අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.

Related articles

Recent articles