32 C
Colombo

විපක්ෂයේ පක්ෂ රැසක් අයවැයට එරෙහි වෙයි

Published:

විපක්ෂයේ පක්ෂ රැසක් අයවැය දෙවන වර ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය හා උත්තර ලංකා සභාගය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම ඉදිරිපත් කර ඇති අයවැය තවදුරටත් අර්බුදයට ගමන් කරන අයවැයක් බවත් රජ්‍ය දේපළ හා මහජන දේපළ විදේශිකයින්ට විකුණන අයවැයක් බවයි උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ, මෙවර අයවැයේ රටට අහිතකර යෝජනා ගණනාවක් අඩංගු බවයි.

Related articles

Recent articles