හිටපු අමාත්‍ය විමල් වීරවංශට ගොනුකර ඇති නඩුවක මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
නඩුව අද (28) කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකොට ඇති බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.