27 C
Colombo

ශෂී වීරවංශට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

Published:

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ඉදිරිපත්කර තිබෙන තවත් නඩුවක් විභාගය සඳහා පෙබරවාරි මස 24 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා උපන්දිනය පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් අයදුම්පත්‍රයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නඩුව අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles