T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු 2 ක් හා කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාම සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා කැඳවාගෙන ගිය ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66 ක් ලබා ගත්තා.
ලකුණු පුවරුව පහතින්,



