ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සහ ජපානය ඇතුළු බහු ණයහිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවයක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය වන බව G20 සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බැවින් මෙම සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍ය කරන බවට ඔවුන් පෙන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලොව ප්‍රධානම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් G20 සමුළුව සමුළුව ආරම්භ වූ අතර එහිදී මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ආපසු ගෙවීමේ ගැටලුව පිළිබඳ අද (15) අවධානය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.