27.9 C
Colombo

ශාරීරික අභ්‍යාස ගුරුවරුන්ට බ්‍රිත්‍යාන්‍ය පුහුණුව

Published:

පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීම සඳහා ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කළ යුතු බවත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිත්‍යාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් මහත්මිය අද (14) පැවසුවාය.

කොළඹ පිහිටි බි්‍රතාන්‍ය මහකොමසාරිස් නිල නිවසේදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (14) හමුවූ අවස්ථාවේදී මහකොමසාරිස්වරිය එසේ පැවසුවාය.

ක්‍රිකට් හැර සෙසු ක්‍රීඩාවන්ට අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය සහ අවබෝධය, ලබාදීමට බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරිය කැමැත්ත පළකල අතර දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ව්‍යපෘතියක් ආරම්භ කිරීමට ද ඇය එකඟත්ව පළකළාය.

එමෙන්ම විදේශයන්හි පුහුණුව ලබන තරුණ තරුණියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, උසස් අධ්‍යාපනයෙන් පසු විදේශ රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමටත් එහිදී මහකොමසාරිස්වරිය එකඟතාව පළකළාය.

Related articles

Recent articles