26 C
Colombo

සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීම අවසන් අදියරේ

Published:

සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම කාල සටහන සකස් කිරීමේ කටයුතු ලබන සතිය තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්. ඒ. ඩී. එස්. ගුණසිංහ සඳහන් කළේ.

නව කාල සටහන ප්‍රකාශයට පත්කිරීම කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවත් ක්‍රියාත්මක වන දිනය ලබන සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles