සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවට ගිය නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවක් එරටදී ලිංගික අතවරයකට ලක්ව තිබේ.
ඇයගේ සැමියා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ මීට මාස 5කට පෙර කුරුණෑගල පෞද්ගලික විදේශ රැකියා ඒජන්සියක් හරහා සෞදි අරාබියට ගිය බවයි.
තමා සේවය කළ නිවසේ හාම්පුතා විසින් තමාට ලිංගික අතවර කළ බවට බිරිඳ ලබාදුන් පණිවිඩයකට අනුව ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කළ බවද ඔහු පැවසීය.
පැමිණිල්ල ඉදිරිපත් කර මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඇය දිවයිනට ගෙන්වා ගැනීමට හෝ ඇයට සාධාරණයක් ඉටු කිරීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බව සැමියා වැඩිදුරටත් පැවසීය.
මේ අතර සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.