24 C
Colombo

ළමුන් අතර පැතිරයන උණ රෝගයක් ගැන දැනුම්දීමක්

Published:

මේ දිනවල කුඩා ළමුන් අතර පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තියෙන රෝගීන් සහ ඩෙංගු පරිසරය තුළ සිටින බවයි.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ලෙස උණ සමග කැස්ස, හෙම්බිරිසාව සහ සමහර පුද්ගලයින්ට වමනය ඇතිවිය හැකි බවත් මෙම රෝග ලක්ෂණ ඇති පිරිස් හැකිතාක් නිවසේ රැඳී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

හදිසි අවස්ථාවකදී නිවසින් බැහැරට යනවා නම් මුව ආවරණයක් පළඳින ලෙසත් එමඟින් අනෙකුත් පුද්ගලයින්ට එය බෝවීම පාලනය කර ගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles