32 C
Colombo

කැසිනෝ නියාමනය පනතේ නියමයන් සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා නොදීමට තීරණය කරයි

Published:

කැසිනෝ ව්‍යාපාර නියාමනය කරන පනතේ නියමයන් සඳහා අනුමැතියක් ලබා නොදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා.

ඒ අනුව මෙම පනතේ නියමනයන් ඉදිරිපත් කරන්නේ, කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීමට බවත් ඒ සඳහා අනෙකුත් රටවල මෙන් ශ්‍රී ලංකාවේද කැසිනෝ නියාමන අධිකාරියක් පැවතිය යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් කාල රාමුවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම්දුන් බවයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles