27 C
Colombo

ජය සමරන්න අද සෞදි අරාබියාවට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published:

සෞදි ආරාබි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා අද (23) සෞදි අරාබියේ විශේෂ නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෞදි අරාබියේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සියලුම සේවකයන්ට මෙන්ම රට පුරා සිටින සියලුම සිසුන්ටද අදාළ වන අයුරින් මෙම නිවාඩුව අදාළ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 02-01 ක් ලෙස පරාජයට පත් කිරීමට සෞදි ආරාබි කණ්ඩායම ඊයේ (22) සමත් වුණා.

Related articles

Recent articles