32 C
Colombo

තවත් අරගලයකට ඉඩ නැහැ! ජනපතිගෙන් සැර කතාවක්

Published:

ආණ්ඩුව වෙනස් කිරීම සඳහා යළිත් අරගලයක් ඇති කරන බවට විවිධ පිරිස් ප්‍රකාශ කරන බවත් ඒ සඳහා ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව එසේ සිදු කිරීමට පැමිණියහොත් හදිසි නීතිය සහ හමුදාව යොදවන බවයි අද අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

ආර්ථික අර්බුදය විසඳනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් නොමැති බවත් මැතිවරණයකට යනවා නම් වෙනසක් සිදුකර ජනතාවට සහන ලබාදී මැතිවරණයකට යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

Related articles

Recent articles