33 C
Colombo

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තුන්වන තරගය අද

Published:

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වෙනවා.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද (30) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1-0ක් ලෙස ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටී.

තරගාවලියේ දෙවැනි තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජයගත යුතුය.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් හෝ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවහොත් ටෙස්⁣ට් වරම්වත් නොමැති ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගාවලියක් පරාජයට පත්වන පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගතවනු ඇති.

Related articles

Recent articles