Home News 2023 වසරේ අලි සංගණනයක්

2023 වසරේ අලි සංගණනයක්

2023 වසරේ අලි සංගණනයක්

0

2023 වසරේ දී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අලි – මිනිස් ගැටුම වැලැක්වීම සඳහා පියවර ගැනීමේ දී දැනට ශ්‍රී ලංකාවේ සිටින වන අලි ගහණය සම්බන්ධයෙන් ස්ථිර දත්තවල අවශ්‍යතාවයක් පවතින බව කී අමාත්‍යවරයා ලබන වසරේ දී අලි සංගණනයක් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර තිබෙන බව කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ වනජීවී හා වන සංරක්ෂණය පිලිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි බවයි.

අවසන් වරට මෙරට වන අලි සංගණනයක් පවත්වා තිබෙන්නේ 2011 වර්ෂයේ දීය. එම වකවානුවේ 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එමෙන්ම දැනට පවතින නිල නොවන දත්ත අනුව වන අලි ගහණය 7000කට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version