28 C
Colombo

FIFA ලෝක කුසලානයේ අද තරඟ 3 ක් පැවැත්වෙයි

Published:

2022 FIFA ලෝක කුසලානයේ අද (21) දිනයේ තරඟ 3 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරඟය B කාණ්ඩය නියෝජනය කරන එංගලන්ත කණ්ඩායම හා ඉරාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 6.30 ට ආරම්භවීමට නියමිතයි.

දෙවන තරඟය A කාණ්ඩය නියෝජනය කරන නෙදර්ලන්ත කණ්ඩායම හා සෙනගාල කණ්ඩායම අතර පැවැත්වෙන අතර එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ආරම්භ වනවා.

තුන්වන තරඟය B කාණ්ඩය නියෝජනය කරන අමෙරිකානු කණ්ඩායම හා වේල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30 ට පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Related articles

Recent articles