25 C
Colombo

FIFA ලෝක කුසලානයේ තරඟ 04 ක් අද පැවැත්වෙයි

Published:

2022 FIFA ලෝක කුසලානයේ තරඟ 04 ක් අද (23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරඟය F කාණ්ඩය නියෝජනය කරන මොරොක්කෝ කණ්ඩායම හා ක්‍රෝඒෂියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03.30 ට ආරම්භවීමට නියමිතයි.

දෙවන තරඟය E කාණ්ඩය නියෝජනය කරන ජර්මනි කණ්ඩායම හා ජපාන කණ්ඩායම අතර පැවැත්වෙන අතර එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 06.30 ආරම්භ වනවා.

තුන්වන තරඟය E කාණ්ඩය නියෝජනය කරන ස්පාඤ්ඤය කණ්ඩායම හා කොස්ටාරිකා කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09.30 ට පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හතරවන තරඟය F කාණ්ඩය නියෝජනය කරන බෙල්ජියම කණ්ඩායම හා කැනඩා කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30 ට පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Related articles

Recent articles