25 C
Colombo

T10 තරඟාවලියක් ලබන ජුනි මාසයේ ශ්‍රී ලංකාවේදී

Published:

Lanka T10 නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරඟාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සඳහන් කළේ.

Abu Dhabi T10 ලීග් තරගාවලිය සංවිධාන කරනු ලැබූ T Ten Sports Management FZC සමාගම සමග එක්ව මෙම තරඟාවලිය සංවිධානය කර තිබෙනවා.

තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එක් කණ්ඩායමක සංචිතයක් සදහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු නම් කළ හැකි බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles