මෙවර T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිය හැකි ආකාර සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව විසින් එංගලන්ත කණ්ඩායම පරාජය කළ හොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය හැකි ආකාර දෙකක් පවතිනවා.
පළමු අවස්ථාව වන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කර ඇෆ්ගනිස්තානය ඔස්ට්‍රෙලියාව පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකියි.
දෙවන අවස්ථාව වන්නේ, එංගලන්තය සහ අයර්ලන්තය නවසීලන්තය පරාජය කිරීම සහ ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කිරීමට හැකිවුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය ගැන තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකියි.