32 C
Colombo

අතුරුදන් වූ තරුණයෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

Published:

මාවනැල්ල, මානික්කාව වත්ත, හිගුල, ආරච්චිගේ විදුෂිකා නවංජන බණ්ඩාර නමැති තරුණයා අතුරුදන්ව ඇති අතර ඔහු සොයා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහය පතයි.

20 හැවිරිදි මෙම තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ මව මාවනැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය දැනුම් දෙන්නේ, උස අඩි 05 අගල් 07 ක් වන මොහු තලෙළු පැහැයකින් යුතු කොණ්ඩය පැත්තට පීරා සිටින තරුණයෙකු බවය.

අවසන් වරට කොළ පැහැති අත් දිග ෂර්ට් එකක් හා නිල් පැහැති ඩෙනිම් කොට කලිසමක් ඇඳ කළු පැහැති කැප් එකක් පැළැඳ සිට තිබේ.

මෙම තරුණයා පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් ,

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති – 071 – 8591418 හෝ

මාවනැල්ල පොලිස් ස්ථානය – 035 – 2247222

යන දුරකතන අංකයවලට දැනුම් දෙන්නැයි ජාතික පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

Recent articles