Home News අඳුරු මාර්තුවක් ගැන විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවයි

අඳුරු මාර්තුවක් ගැන විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවයි

අඳුරු මාර්තුවක් ගැන විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවයි

0

නියමිත පරිදි ගල් අඟුරු ඇනවුම් නොලැබෙන්නේ නම් ලබන වසරේ මාර්තු මාසය වන විට දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ අනුව ලක්විජය බලාගාරයට ගල් අඟුරු නැව් 38 ක් පැමිණිය යුතු බවත් මේ වන තෙක් පැමිණ ඇත්තේ නැව් 5 ක් පමණක් බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කරන්නේ.

ඉතිරිව ඇත්තේ මාස 4 ක් පමණක් බවත් එම කාලය තුළ ගොඩබෑමට හැක්කේ නැව් 24 ක් පමණක් බවත් සියලුම නැව් 29 ක් ගොඩබාගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 45% ක ප්‍රමාණයක් සපයන බවත් එයට අවශ්‍ය ගල් අඟුරු නොමැති වුවහොත් ජූලි මාසයේ වෙන්නට තිබූ විදුලි කප්පාදුව මාර්තු අප්‍රේල් දක්වා ඉදිරියට පැමිණිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version