තුර්කියේ ඉස්තාන්බුල් නුවර දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා පවත්වමින් සිටිති.
ඒ ඉස්තාන්බුල් නගරාධිපති Ekram Imamoglu සිරගත කිරීමට එරෙහිවයි.
එරට ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඉස්තාන්බුල් නගරාධිපතිවරයා මැතිවරණ නිලධාරීන්ට අපහාස කිරීම හේතුවෙන් වසර 02 යි මාස 07 ක සිරදඬුවම් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමක් බව ද විරෝධතාකරුවෝ පවසති.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන වසරේ ජූනි මාසයේදී එරට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවයි.