25 C
Colombo

එළඟි තෙල්වලට වෙනත් තෙල් වර්ග කවලම් කරන බවට අනාවරණයක්

Published:

එළඟි තෙල්වලට විවිධ තෙල් වර්ග කවලම් කර අළෙවි කරන බව අනාවරණ වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂක ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ, එළඟි තෙල්වලට එළවළු තෙල් හා පොල් තෙල් කවලම් කර ඇති බව අනාවරණය වී ඇති බවයි.

විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල වෙළදසැල් ආශ්‍රිතව මෙම තත්ත්වය බහුලව පවතින බවයි ඔවුන් සඳහන් කළේ.

ඒ අනුව වරායෙන් නිකුත් කරන ලද එළඟි තෙල් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

Related articles

Recent articles