25 C
Colombo

කොල්ලුපිටියේ අනතුරින් පසු කාන්තාවට පහරදුන් කතට ඇප

Published:

පසුගියදා කොල්ලුපිටියේදී රිය අනතුර සිදුකළ මෝටර් රථයේ සිටි කාන්තාවට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් 24 හැවිරිදි කාන්තාවට ඇප ලබාදීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දෙසැම්බර් 10 වන සෙනසුරාදා කොල්ලුපිටියේදී අධික වේගයෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් ඊට ඉදිරියෙන් ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටී ත්‍රීරෝද රථයේ රියදුරා ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරෙන් පසු මෝටර් රථයේ රියදුරා එම ස්ථානයෙන් පැනගොස් තිබූ අතර මෝටර් රථයේ සිටි කාන්තාවකට අවට සිටි කිහිපදෙනෙක් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබූ අතර පසුව පොලීසිය විසින් එම කාන්තාවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

Related articles

Recent articles