කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02)රාත්‍රී 10.00 සිට හෙට (03) දහවල් 1.00 දක්වා පැය 15 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ නව සම්ප්‍රේෂණ නළ එළීමක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.