ලබන වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බවත් විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.
ගල්අඟුරු මොටි්‍රක්ටොන් 60,000 බැගින් වන නෞකා 33 ත් 38 ත් අතර සංඛ්‍යාවක් වසරක විදුලි ජනනයට අවශ්‍ය බව කී ඉලංගකෝන් මහතා මෙම වසරට ඇස්තමේන්තු කර ඇති ගල්අඟුරු නෞකා 33 න් හරතක් පසුගිය මාස කොළඹට ළගා වූ බව ද සඳහන් කළේය.
එම නෞකා 24 න් 21 ක ප්‍රසම්පාදන නියෝග නිකුත් කරලා ඇති බවත් නෞකා 12 ක තොග කැබිනට් අනුමැතියට යොමුකර ඇති බවත් ඒ මහතා කීය.
ඉතිරි නෞකා 5 න් එකක් අද ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කී සභාපතිවරයා පැවසුවේ ඉතිරි නෞකා හතර මේ මස ගන්නවා ගැනීමට කටයුතු කරන බවත්ය.