30 C
Colombo

ඩීසල් අඩු කළත් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නැහැ – බස් සංගම්

Published:

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, සැලකිය යුතු මට්ටමේ ඩීසල් මිලෙහි අඩුවීමක් සිදුව නොමැති බැවින් බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බවයි.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා.

Related articles

Recent articles