29.7 C
Colombo

ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

Published:

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,826 කි.

පසුගිය වසරේ මේ කාලය වන විට වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 29,650ක් පමණි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම 41,176 කි.

මේ වසරේ දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින්.

වසරේ 49 වැනි සතිය වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 55ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 28ක ඩෙංගු රෝගීන් වැඩිවෙමින් පවතින බව තහවුරු වී ඇති බවයි.

එම කොට්ඨාසවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගනිමින් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles