මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරක දී සිටියදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස අතර සී. ගුණසේකරන් හෙවත් ගුණා හෙවත් ප්‍රේම් කුමාර්, පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා, ධනුක්ක රොෂාන්, වෙල්ලා සුරංග නොහොත් ගමගේ සුරංග ප්‍රදීප් සහ තිලිපල් නෙහොත් දිලීපන් යන අය සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.