ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ සංඛේත වැඩවර්ජනය අද (12) දිනයේත් ක්‍රියාත්මකවීම හේතුවෙන් තැපැල් කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමයන් සංශෝධනය කිරීම, නිලධාරීන්ගේ මාරුකිරීමේ මණ්ඩලයේ, අභියාචනා මණ්ඩලවලින් වෘත්තීය සමිති ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.