නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.
වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ (18) සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබුණා.
ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු නව නාවික හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිවරයා වෙත සමරු සිහිවටනයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
