29.8 C
Colombo

නාමල්ට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට දින නියම කෙරේ

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ලබන මැයි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම පැමිණිල්ල අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමක යෙදවූ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත්වී තිබෙනවා.

Related articles

Recent articles