නැගෙනහිර පළාතේ මාංශ අලෙවිසැල් සතියක කාලසීමාවක් සඳහා වසා දැමීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (12) සිට එළඹෙන (18) වනදා දක්වා කාලය තුළ නැගෙනහිර පළාතේ සියලුම මස් අලෙවිසැල් වසා තබන ලෙසයි පළාත් පාලන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ.
කෙසේ නමුත් කුකුළු මස් අලෙවිසැල් සඳහා මෙම තීරණය අදාළ නොවන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.